ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 189 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 34 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 154 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 10,140 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.