ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාවේ ගල් සමතලා කොට ඇවිදින මංතීරුවක් ඉදිකිරමින් පවතින ස්ථානයට අද පොළොන්නරුවේ විහාරස්ථානවල සංඝයා වහන්සේ වැඩම කළා.

එහිදී මෙම ඉදිකිරීම සම්බන්ධයෙන්  සංඝයා වහන්සේලා දැඩි විරෝධයක් දැක්වූ අතර නිලධාරීන් හා උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.
නාගරික සංවර්ධන අධිකාරියේ යෝජනාවකට අනුව රු. මි. 34 ක ඇස්තමේන්තුව යටතේ කි.මි. 2 ක දුරක් සහිත ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා වන මූලික බිම් සැකසීම් මේ වන විට සිදු කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර සඳහන් කළේ මේ සඳහා ප්‍රදේශයේ දිසාපතිවරයාගෙන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් හා නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ලබාගෙන ඇති බවයි.