මෙවර අය වැයෙන් ජනතා සහන කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත් දැන් තියෙන දේශපාලන තත්ත්වය දරුණු බවත් ඊට සමගාමීව ආර්ථික තත්ත්වයද දරුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන අද (12) කීවේය.

තිස්ස විතාරණ එසේ කීවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් සමරා අද ඇල්පිටිය එකොලහ කණුව නීග්‍රෝධාරාම විහාරස්ථානයේ පැවති ලේ දං දිමේ පිංකමකට සහභාගීවෙමින් පැවති මාධ්‍ය හමුවේදීය.

“අද රටේ තියෙන දේශපාලන තත්ත්වය නම් ඉතා දරුණු එකක්. එයට හේතුවෙලා තියෙන්නේ රටේ පවතින මේ ආර්ථික තත්ත්වයත් එක්කයි. මේ වනවිට රටේ ආර්ථික තත්ත්වයත් දරුණු අතට හැරිලයි තියෙන්නේ. බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිකම භාර ගත්තට පස්සේ කිව්වා ජනතාවට මේ තත්ත්වය මත බර පටවන්න වේවි කියලා.ඒ කියන්නේ මෙවර අය වැයෙන් ජනතාවට සහන කිසිවක් බලාපොරොත්තුවිය නොහැකි බවයි.

අපේ ජනතාව මේ වනවිට විශාල ආර්ථික අර්බුදයකට මුහුණදීලයි ඉන්නේ.එහේම ඉන්න ජනතාව පිට තවත් බර පටවනවාට සම සමාජ පක්ෂයේ අපි විරුද්ධයි.ජනතාව පිට බදු බර පටවන්න හොද නැහැ.ඇති හැකි අයගෙන් බදු ගත්තට කමක් නැහැ.පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව මහත බුදු පටවන එක කොහෙත්ම යෝග්‍ය නැහැ.

අපි පක්ෂ දහයක් සමග ඊයේ පෙරේදා දවසක මේ පිළිබදව සාකච්චා කරලා යම් එකගතාවයකට ආවා.එම සාකච්චාවේ එකගවුණු අදහස් පිළිබදව ජනාධිපති ,අගමැති දැනුවත් කරන්න වේලාවක් ඉල්ලුවත් තාම ඒක ලැබුණේ නැහැ.

මේ වනවිට රටේ කර්මාන්ත කඩා වැටිලා. සමහර ආයතන මේ වනවිට වැහිලා ගිහිල්ලා. මිනිසුන්ගේ රැකියා නැතිවෙලා. ජීවන මං ඇහිරිලා. ජනතාවට ජීවත්වෙන්න බැරි තත්ත්වයකුයි දැන් තියෙන්නේ.මේවාට විසදුම් සෙවිය යුතුයි”