නිසි අධීක්ෂණ ක්‍රමවේදයකට යටත් නොකර දෛනිකව විශාල සංචාරකයින් පිරිසක් රටට ගෙන්වීම තුළ ඉදිරියේදී කොවිඩ් අවදානම තවදුරටත් බරපතළ විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දෛනිකව පැමිණෙන සංචාරකයින් අතරින් බහුතරය ඉන්දියානුවන් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නිසි අධීක්ෂණ ක්‍රමවේදයක් ආරම්භ කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම මෙලෙස අක්‍රමවත් ආකාරයට සංචාරකයින් මෙරටට ගෙන්වීම හරහා ඉදිරියේදී අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය රටට ඇතුලු වීම නොවැළැක්විය හැකිවනු ඇති බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කළා