ලෝකය ආර්ථික අර්බුධයකට යන විට අපේ රටත් ලෝක ආර්ථික අර්බුධයේ ප්‍රධාන ගොදුරක් වූයේ 2015- 2019 දක්වා වර්ෂයන් වල රට පාලනය කළ මේ වන විට විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සිදු කළ මහ බැංකු බැදුම්කර වංචාව සහ අනිකුත් දූෂණ ක්‍රියා මාර්ග නිසා බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

අද වන විට රටේ සීනි හිගයක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගන්නා බවත් නීති විරෝධි ආකාරයෙන් මේවා රැස් කර සගවා තිබෙන අයට සහ එයට සහය දෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ශෙහාන් සේමසිංහ පවසන ලදී.

රටේ විපක්ෂයකට ඕනම දෙයක් ප්‍රකාශ කිරීමට අවස්ථාව තම ආණ්ඩුව ලබාදී ඇති බවත් වත්මන් රජයේ මේ වන විට තීන්දු තීරණ ගැනීම් සිදු වන්නේ ආණ්ඩු පක්ෂයෙන් විතරක් නොව විද්වත් මණ්ඩලයක් මගින් ලබාදෙන තීන්දු බව ඔහු පැවැසීය.

අද(30) කොළඹ සමෘද්ධි රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී මාධ්‍යට වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති වරයා එසේ ප්‍රකාශ කළේය.