ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් කන්තලේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජනා කර තිබූ ඇවිදින මංතීරුවේ වැඩකටයුතු තාවකාලිව අත්හිටුවා තිබෙනවා.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා පවසන්නේ එම ඉදිකිරිම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කන්තලේ ජලාශයේ වේල්ල මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීමේ සැලසුම පිළිබද මූලික සාකච්ඡාවක් පසුගිය 3 වැනිදා කන්තලේ ප්‍රාදේශීය සභාව විසින් කන්තලේ නගර ශාලාවේදී පැවැත්වූවා.

එම සාකච්ඡාවේදී පැවසුනේ මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘතියට රුපියල් මිලියන 20 ක ප්‍රතිපාදන වෙන්ව කර ඇති බවයි.

මීට පෙර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළ පනාව මතද ඇවිදින මංතීරුවක් සෑදීමට ගොස් ඊට එල්ලවූ දැඩි විරෝධය මත එම ව්‍යාපෘතියද තාවකාලිකව නවතා දැමුණා.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා පවසන්නේ ඇවිදින මංතීරුව ඉදිකිරිම වෙනුවෙන් දැනට ඉවත් කර ඇති පරාක්‍රම සමුද්‍රයේ රළපනාව යළි සකස් කිරිමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.