පාසල් විවෘත කිරීමට පෙර ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබා නොදුන්නොත් රටපුරා විරෝධතා වැඩසටහන් පවත්වමින් ගුරු විදුහල්පති අරගලය නව ප‍්‍රවේශයකින් කි‍්‍රයාත්මක කිරීමට සිදුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඊයේ (29 ) පැවසීය.

ඒ අනුව ගුරු විදුහල්පති වැඩ වර්ජනයට සහය දැක්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ අනෙකුත් වෘත්තීය සමිති ද එකඟතාව පළකර ඇති බව ඒ මහතා කියා සිටියේය.

රට විවෘත කළාම පාසල් නැවත ආරම්භ කරන්න ආණ්ඩුව තීරණය කරලා තිබුණට ඒ සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කළේ නෑ. ඒ නිසා නැවත පාසල් විවෘත කළත් ගුරුවරු ඉගැන්වීම් සඳහා පාසල්වලට යන්නේ නෑ. මේ ගුරු ගැටලූවලට විසඳුම් නොලැබුණොත් රට පුරාම උද්ඝෝෂණ පවත්වන්න අපි සූදානම් යයිද ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.