අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් එම්.වී. එක්ස්ප්රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා රුපියල් ලක්ෂ 20ක පෞද්ගලික බැඳුම්කරයක් මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහාධිකරණය අද (14) නියෝග කළේ ය. ඒ කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය. විත්තිකාර කපිතාන්වරයාට විදේශගතවීම වළක්වමින්, විත්තිකරුගේ විදේශගමන් බලපත්රය අධිකරණ භාරයට පත්කරන...