ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා. දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට මේ වන විට...

