දේශපාලනඥයින් මේ වෙලාවේ කටවහගෙන හිටියොත් හොඳයි -අමාත්‍ය විදුර වික්‍රමනායක

සමහර පුද්ගලයින් සිදුකරන ප්‍රකාශ මඟින් කොවිඩ් වසංගතයේ බරපතල කම තේරුම් නොගෙන ඇති බව පැහැදිළි වන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. සෞඛ්‍ය අංශවලට මෙම වසංගතය පාලනය කිරීමට ඉඩ දී දේශපාලනඥයින් මේ අවස්ථාවේ කට වසා ගැනීමට වඩාත් සුදුසු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.