පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොරෝනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනාගැනුණා. මේ වන විට මහින්දානන්ද අළුත්ගමගේ, රෝහණ දිසානායක, දිලිප් වෙදාරච්චි යන මන්ත්‍රීවරුන් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබෙනවා.