උලා කන්නවත් දෙයක් නැති ජනතාවට දෙවේලක් කන්න කියනවා – හඳුන්නෙත්ති

''දෙවේලක් කන්නට හුරු වෙන්නැයි'' ඉල්ලීම් කරන්නේ ජනතාවගේ ධනය කප්පරක් ගිලපු හාදයෝ බව කෝප් කමිටු සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පැවසීය.  දෙවේල කනවා තියා ජනතාව අද ‘උලා කන’ තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුන් රුපියල් 100ක් වියදම් කළහොත් ඉන් 40%ක් වක්‍ර බදුවලට වෙන් කරන බවත් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේය. ...