ශිෂ්‍ය ඉල්ලීම්වලට විසඳුම් දෙන නිසා උද්ඝෝෂණ අඩුයි – සුනිල් හඳුන්නෙත්ති – 21.06.2026

ඊයේ (20) දින දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශ්‍රවණාගාරයේදී පැවති ජාතික ශිෂ්‍ය වීර දින සැමරුමේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය ශිෂ්‍ය ජීවිතයේ අත්දැකීම් සිහිපත් කරමින් ප්‍රකාශ කළේ, එවකට ශිෂ්‍යයන් අරගල කළේ දේශපාලන වාසි සඳහා නොව මූලික අවශ්‍යතා සහ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා බවයි. මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීම, නේවාසිකාගාර පහසුකම්, පානීය...