සරත් වීරසේකරගේ යටතේ තිබුණු දෙපාර්තමේන්තු දෙකක් ජනපති ගනී

අමාත්‍ය සරත් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබුණු දෙපාර්තමේන්තු 2ක් ඉන් ඉවත් කර ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබුණු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්ය බළකා...