මම මුලින් කියද්දි හිනාවුණා- පමා වෙලා හරි මම කියපු බෙහෙත ගේන්න තීන්දු කිරීම සතුටක්-සජිත්ගෙන් නිවේදනයක්

අමෙරිකාවේ රිගන් කෝව් ලෙස හා බ්‍රිතාන්‍යයේ රොනප්‍රිව් ලෙස හැඳින්වෙන ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමට පමා වී හෝ තීරණය කිරීම ගැන සතුටට පත්වන බව විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මෙම ඖෂධයේ වැදගත්කම විපක්ෂ නායකවරයා මුලින්ම ට්විටර් පණිවුඩයක් මගින් අවධාරණය කළේ, පසුගිය අගෝස්තු 28 වැනි දායි. ලෝකය පුරා විශාල ඉල්ලුමක් හටගෙන...