කැබිනට් එකේ කතා කරන්න කොන්දක් පණ නැතුව එළියට ඇවිත් ලියුම් ගහනවා – පොහොට්ටුවේ ලේකම්

රට ලොක්ඩවුන් නොකිරීමට කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කර පසුව රට ලොක්ඩවුන් කරන්නැයි ලිපි යවන ඇතැම් ඇමතිවරු සිදුකරන්නේ ඉතාම පහත් ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඒ බව සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. "ගිය සඳුදා තිබිච්ච...