ගම්මන්පිල වහාම ඉල්ලා අස්විය යුතුයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

කොරෝනා උවදුර හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති මෙවන් අවස්ථාවක ඉන්ධන මිල ඉහළ නැංවීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා භාරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුක්තව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙවැනි තත්වයක් උද්ගත කිරීම පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා සම්පූර්ණ වගකීම භාරගෙන...