මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයින්ට එරෙහි දඩය 50 000 දක්වා ඉහළ දැමිය යුතුයි – අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයින්ට එරෙහිව පනවා ඇති රුපියල් 5000ක දඩය රුපියල් 50000ක් දක්වා ඉහළ දැමිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පොලිසිය ඒකාබද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරිය අවධාරණය කළේ.