රාජ්‍ය සේවක සියළු ප්‍රතිලාභ කැපූ ආණ්ඩුව පඩි පතටත් අත තියන්න යන්නේ – පාඨලී චම්පික

මේ මොහොතේ ආණ්ඩුව රාජ්‍ය සේවකයාගේ වැටුපට, විශ්‍රාම වැටුපට, අර්ථ සාධකයට අත තබමින් ජනතාව තවත් කබලෙන් ලිපට ඇද දමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය. ඇති හැකි අයට දැවැන්ත බදු සහනයන් ලබා දී ආදායමෙන් සියයට තිහක් අහිමි කරගැනීමේ මුග්ධ ක්‍රියාවලියක යෙදුණු ආණ්ඩුව...