නිමල් ලන්සා රිමාන්ඩ්. – 29.08.2025

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (29) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 2006 වසරේ උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.