බදියුදීන්ගේ නිවෙසේ මිය ගිය දැරියගේ පරීක්ෂණ ඉබි ගමනේ -වෛද්‍ය නලින්ද ජයතිස්ස

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ සේවය කළ බාලවයස්කාර දැරියක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන පොලිස් පරීක්ෂණ මන්දගාමි ස්වභාවයක් ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා මියගිය දැරියට සාධාරණයක් ඉටු කළ යුතු බවද ඒ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (21) පැවසීය.