පොහොර හිඟයක් ඇති බව මවාපාමින් ගොවියෙකු මරා ඔහුගේ ජීවිතය උඩින් බලයට පැමිණීමට සමහරු උත්සාහ ගනිමින් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ බව පැවසීය. රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. "සමාගම් සතුව පොහොර මෙට්‍රික්ටොන් 102,000ක් තියෙනවා කියලා...