යෝෂිත සහ ඩේසි යන අයට එරෙහි නඩුව සැප්තැම්බර් 22 කැඳවීමට නියෝග. – 28.07.2025

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය ඩේසි ෆොරස්ට්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව 2025 සැප්තැම්බර් 22 දාට කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. චෝදනා වනුයේ රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගැනීම පිළිබඳවය. නඩුවට අදාළ වෝහාරික විගණන වාර්තාවක් සහ තොරතුරු අඩංගු සංග්‍රහණ...