කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ පමණින් ගුරු විදුහල්පති අරගලය නතර වන්නේ නැහැ – ජෝසප් ස්ටාලින්

කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ පමණින් ගුරු විදුහල්පති අරගලය නතර නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. ඒ අනුව මීට පෙරද කැබිනට් පත්‍රිකා හරහා ගුරු - විදුහල්පතිව ගැටලුවට විසඳුම් ලබාදීමට නො හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.