ගැටලුව විසඳුවහොත් කාර්යක්ෂම අයුරින් සේවාව සපයනවා

ගුරු - විදුහල්පති වැටුප් විශමතා ගැටලුව විසඳුවහොත් වෙනදාටත් වඩා කාර්යක්ෂම අයුරින් සේවාව සැපයීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසා සිටියි. රජය පාර්ශ්වයෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට බලපෑම් කිරීමෙන් අරගලය තවත් ඉදිරියට යන බව එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අද (13) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.