අත්අඩංගුවට ගත් ජෝසෆ් ස්ටාර්ලිං ඇතුළු 33දෙනාට ඇප

නිරෝධායන නීති කඩකරමින් බත්තරමුල්ල පොල්දූව වටරවුම අසල විරෝධතාවයක නිරතවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලිං ඇතුලු 33 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා. රුපියල් 25,000 බැගින් වන මුදල් ඇප මත ඔවුන් මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනී නෙරංජනී සිල්වා මෙනෙවිය නියම කර ඇත්තේ.