රාජ්‍ය සේවයට 26,095ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය. – 13.01.2026

රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ගුරුවරුන් 23,344ක් ඇතුළුව බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 2024 දෙසැම්බර් 30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාල රාමු හඳුනාගෙන...