එංගලන්ත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු කොවිඩ්

ශ්‍රී ලංකාව හා එක්දින තරගාවලියට එක්ව සිටි එංලන්ත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු හා එහි සහායක කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව කණ්ඩායම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේ දී පාකිස්තානය හා පැවැත්වෙන තරගාවලිය අවලංගු නොකිරීමට ද තීරණය කර තිබෙනවා.