වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීම් සිද්ධියකට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුවක් යළි සලකා බැලීමට දෙසැම්බර් 17 වැනිදාට, දින නියම කර තිබෙනවා. ඒ අනුව, අද දින (10) නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.