තවත් සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද (05) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම එන්නත් මෙරටට රැගෙන ආ බව "අද දෙරණ" ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.