ලබන මස සිට සියලුම රෝහල්වලින් කොවිඩ් එන්නත

ලබන මස සිට සියලුම රෝහල්වලින් ද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා පවසනවා. ඒ සඳහා රෝහල්වල වෙනම කවුලුවක් විවෘත කිරීමටත් සැලසුම්කර තිබෙනවා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.