මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට. – 22.12.2025

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.