ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හා අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් වන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කර සිටියා. කෙසේ වෙතත්, ඔහු බීමත්ව සිටියා ද යන්න සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තාව තවමත් ලැබී...

