ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඇප මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඇයට රෝහලට ඇතුළුවීම සහ විදේශ ගමන් තහනම් කර ඇති අතර, ඇයට එල්ලවන්නේ ශල්‍ය උපකරණ රෝගීන්ට ඉහළ මිලට විකිණීමේ දූෂණ චෝදනාය.