සීනි මිල ඉහළ ගොස් ඇති බව වෙළෙදපොළ ආරංචිමාර්ග සඳහන් කරනවා.

කිලෝවක මිල රුපියල් 210ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අද (26) පුවත්පත් වාර්තා කරනවා

පසුගිය සතියේ රුපියල් 160ක මිලකට සීනි කිලෝව මිලදී ගත හැකිව තිබුණ ද මේ වනවිට වෙළෙන්දන් විසින් රුපියල් 210 දක්වා මිල ඉහළ දමා තිබීමෙන් පාරිභෝගිකයෝ මහත් අසීරුවට පත්ව සිටින බව පුවත්පත් වාර්තා කරනවා .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කර ඇත්තේ මෙය විශාල අපරාධයක් වුවත් තමන්ට කළ හැකි කිසිවක් නොමැති බවයි.