පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සොයන ලෙසත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසත් බල කරමින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදි අද (12) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

බොලොඤ්ඤා නුවරදී අද ඇරඹීහට නියමිත ජී 20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම නුවරට පැමිණ තිබේ.

එම සමුළුවට සමගාමීව මෙම සාමාකාමී උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතය. ඉතාලි වේලාවෙන් සවස 3.00ට මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.