රී ලාංකික දේශපාලනඥයෙකු වූ වී. ආනන්දසංගරී මහතාගේ පුත්‍රයෙකු වන ගැරී ආනන්දසංගරී මහතා තෙවන වතාවරටත් කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

පෙරේදා (සැප්. 20) පැවති කැනේඩියානු මැතිවරණයේදී ගැරී ආනන්දසංගරී මහතා ජයග්‍රහණය කර ඇති අතර එරට පාලක පක්ෂය වන ලිබරල් පක්ෂය නියෝජනය කරමින් ගැරී ආනන්දසංගරී මහතා මැතිවරණයට ඉදිරිපත් වී ඇත.

Rouge Park කොට්ඨාසය නියෝජනය කරමින් මීට පෙර අවස්ථා දෙකකදී ද පාලක පක්ෂ නියෝජිත ලෙස ඔහු කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබිණි. 

මෙරට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්දසංගරී මහතාගේ පුත්‍රයා වන ගැරී ආනන්දසංගරී මහතා වයස අවුරුදු 13දී කැනඩාවට සංක්‍රමණය වී තිබිණි.