සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා විසින් අද (සැප් 2) දිනයේ සිට බලැපැත්වෙන පරිදි අදාළ ගැසට් පත්‍ර නිකුත්කර ඇත.

ඒ අනුව, සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116ක් ලෙසත් සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත් නියම කර තිබේ.

එමෙන් ම පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙස නියම කර ඇත.

දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි  කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් වේ.

මේ අතර, සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක්,  සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් නියම කර ඇත.

කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක් ද නියම කර ඇත.