ඉදිරි සතිය තුළ නාඩු සහල් රු. 100ට වඩා අඩුවෙන් ලබාදෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඒ සඳහා තමන්ට සතියක් කල් ලබාදෙන ලෙසය.

“අපි සහල් දෙනවා 100ට අඩුවෙන්. නාඩු. කොහොම ද කියලා අහන්න එපා. මට සුමානයක් දෙන්න. දැන් ඒ සහල් අපි දෙනකොට 100ට අඩුවෙන් එතකොට ලොකු මෝල් කට්ටියට අපි බලමු කොහොම ද විකුණන්නේ ඔය 112ට කියලා.”

කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙලෙස පැවසීය.

“ඔව් කිරිපිටි නෑ. කිරිපිටි නෑ හිඟයි. නෑ නොවේ හිඟයි. අපට කිරිපිටි ගෙන්වන අය කියනවා ඒ අයට කිරිපිටි මිල වැඩිකරන්න දෙන්න කියලා රු. 400කින්. දේශීය කිරිපිටි තියෙනවා අඩු මිලට. අපට බෑ රු. 400කින් කිරිපිටිවල මිල වැඩි කරන්න දෙන්න.”