එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම එකතු කරන බව එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක පැවසීය.

ආණ්ඩුව පෙරළන්න නම්  එක තැනකට පැමිණිය යුතු බවත් බෙදී සිට රාජපක්ෂලාට එරෙහිව ගේම් ගසන්නට බැරි බවත් දිසානායක කීය.

ආණ්ඩුව යන මාර්ගය ගැන කලකිරුණු වෙනසක් බලාපොරොත්තු වන ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් තමා සමඟත් කතා කරන බව කී දිසානායක “මහින්ද මහත්තයා” ඉන්නෙත් සතුටින් නොවන බව කීය.

ආණ්ඩුවට දුර ගමනක් නැති අතර කොහෙන් හෝ පිපිරීමක් වන බව කී නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂයට  ඉතිරිවී තිබෙන්නේ පොඩි “ලයිට් එකක් “පත්තු කරන්න විතරක් බවද සඳහන් කළේය.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් නවීන් දිසානායක මේ බව සඳහන් කළේය.