අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සීයට සීයක්ම ආන්තික මුදල් තැන්පතුවක් කළ යුතු බවට රජය කර ඇති නියමය නිසා අවම වශයෙන් එම භාණ්ඩවල මිල 40%කින් වත් ඉහල යනු ඇති බවට ආනයකරුවෝ සඳහන් කරන බවට ඉරිදා ලංකාදීපය වාර්තා කර සිටියි.

පසුගිය කාලය තුළ රටේ පැවති ​​​ඩොලර් හිඟය නිසා නිසි වෙලාවට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් සැපයුම්කරුවන් භාණ්ඩ සැපයීම නොකරන බවත් ආනයනකරුවන් භාණ්ඩ ආනයනකරුවන් භාණ්ඩ ආනයනයේදී කරනු ලබන්නේ “රෝ​ල ගැහීමක්” බවද  ඔවුන් සඳහන් කර සිටියි.

100% මුදල් යෙදවීමේදී ක්‍රමය අනුව බොහොමයක් ආනයනකරුවන්ට ​එලෙස මුදල් යෙදවීමට නොහැකි වීමෙන් භාණ්ඩවල තදබල හිඟයක් ඇති වන අතර තිබෙන භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවත් ප්‍රමාණවත් තරම් භාණ්ඩ වෙළඳපොළේ පවතින අතර ඒවායේ මිල ද වේගයෙන් ඉහළ ගොස් ඇති බවද ඔවුන් සඳහන් කර සිටියි.