නිවැරදි දේ සිදුකිරීම විශාල අභියෝගයක් වුවද, අප එය සිදුකල යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ගොවිජන සේවා නිලධාරීන් සමඟ පැවති සංවාදයකදී ප්‍රකාශ කර ඇත.

ගොවීන් මුහුණ දෙන අපහසුතාවලට විසඳුම් දීමෙන් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ගොවීන් හමුවට ගොස් කරුණු පැහැදිලි කර දීම ඉතා වැදගත් බව සඳහන් කළේය. පරිසරයත්, මහජන සෞඛ්‍ය ආරක්ෂාවත් රැක ගනිමින් වැඩි ආදායමක් ගොවියා අතට පත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවයි. හරිත කෘෂිකර්මාන්තයේ ඉලක්කය එක් කන්නයකට, දෙකකට පමණක් නො ව; පරම්පරා ගණනකට සෙත සැලසීම බව ජනාධිපතිවරයා කියා සිටියේය.