එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් මහතා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද(19) දහවල් විරෝධතාවක නිරත වීම හේතුවෙන් ය.

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට එරෙහිව එය සංවිධානය කර තිබුණි.

කොටුව පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ, නිරෝධායන නීතියට අනුවයි.