නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඒ අනුව ලබන මාසය වන විට දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව 4,000 ක් වැඩි පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි ආමාත්‍යවරයා සඳහන් කළේ.