අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු සියලු බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

මෙතෙක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර දී තිබුණේ, වී වගාව සඳහා පමණයි.

ඔක්තෝබර් මාසය වනවිට සියලුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොළෙන් පෙහොර මිලදී ගත හැකි වන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට ද පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර රටතුළ නිෂ්පාදනය කෙරෙමින් පවතින බව ත් කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

හෙක්ටායරයක් සඳහා නයිට්‍රජන් කි.ග්‍රෑ. 300 ක් හා පොටෑසියම් කි.ග්‍රෑ 45 බැගින් ගොවීන්ට නොමිලේ ලබා දීමට කටයුතු කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.