ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගතකිරීම්වලට අනුව පේරාදෙණි විශ්වවිද්‍යාලය අඛණ්ඩ ව තුන්වැනි වරටත් ලොව හොඳ ම විශ්වවිද්‍යාල 500 අතරට පැමිණ තිබෙනවා.

2022 ශ්‍රේණිගතකිරීම්වල දී රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකින් විශ්වවිද්‍යාල 1600ක් මෙම ශ්‍රේණි ගතකිරීම්වලට ඇතුළත් කර තිබුණා.

ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට පත් ව ඇත්තේ ද පේරාදෙණි සරසවිය යි.