කොවිඩ් රෝහල් සඳහා අවහ්‍ය උපකරණ ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (24) කොවිඩ් අරමුදලක් පිහිටවනු ලැබුවා.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් 54,285 ක් පමණ වන බවත් කෙසේ නමුත් පාර්ලිමේන්තු කණ්ඩායම ගත් තීරණයකට අනුව රුපියල් 100,000 බැඟින් පරිත්‍යාග කළ බවයි.

ඒ අනුව මෙම අරමුදල මඟින් එක් රැස්වන මුදලින් ග්‍රාමීය රෝහල්වල ඇති අඩුපාඩු සොයාබාලා රෝහල් උපකරණ ලබාදීම වැනි කාර්යන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි හිටපු ජානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.