චීන සමාගමකින් හා තවත් සමාගමකින් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති කාබනික පොහොර මිල මෙතෙක් රසායනික පොහොර මිලදීගත් මිලට වඩා වැඩි බව අනාවරණය වේ. එමෙන්ම එම රසායනික පොහොරවල තිබිය යුතු බවට තීරණය කර ඇති රසායනික ප්‍රතිශතයද ආනයනය කිරීමට යන මෙම කාබනික පොහොරවල නොමැති බව තවදුරටත් අනාවර්ණය වේ.


මේ බව අනාවරණය වන්නේ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය අගෝස්තු 08 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය අනුවය.


එම කැබිනට් සංදේශයට අනුව මුහුදු පැළෑටි කාබනික කැටිති පොහොර මෙටි්‍රක් ටොන් 96,000ක් මෙටි්‍රක් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 446 කට මිලදී ගැනීමට යන අතර ප්‍රෝටීන් පෙප්ටයිඩ පොහොර මෙටි්‍රක් ටොන් 3000ක් මිලදී ගැනීමට යන්නේ මෙටි්‍රක් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 2318ක මිලකටය. එමෙන්ම පොටෑසියම් ක්ලෝරයිඩ් මෙටි්‍රක් ටොන් 29,167ක් මිලදී ගැනීමට යන්නේ මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 478.50ක මිලකටය.


අවසන් වරට රසායනික පොහොර මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි 08 වැනිදා වන අතර එහිදී යූරියා ගැනියුලර් පොහොර මෙටි්‍රක් ටොන් 40,500ක් මිලදී ගැනීමේදී මෙටි්‍රක් ටොන් 1ක් සඳහා මිල වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 343.10කි. යූරියා ප්‍රිල්ඩ් පොහොර මෙටි්‍රක් ටොන් 8500ක් මිලදී ගැනීමේදී මෙටි්‍රක් ටොන් 1ක මිල වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 364.74කි. මියුරේට් ඔෆ් පොටෑස් මෙටි්‍රක් ටොන් 13,900ක් මිලදී ගැනීමේදී මෙටි්‍රක් ටොන් 1ක මිල වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 258.74කි.


එසේ වුවද රජයේ ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම දේශීය වශයෙන් නිෂ්පාදිත කාබනික පොහොර විකුණන්නේ සහනාධාර නොවන රසායනික පොහොරවලට වඩා කිහිප ගුණයක අඩු මිලකටය.


රසායනික පොහොරවල කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමත කර ඇති රසායනික ප්‍රතිශතයන් අඩංගු විය යුතු අතර ඒ අනුව යූරියා පොහොරවලට අනුමත නයිටි්‍රජන් ප්‍රතිශතය සියයට 46කි. එසේ වුවද චීන සමාගමකින් මිලදී ගැනීමට යන මුහුදු පැළෑටි කැටිති පොහොරවල හා ප්‍රෝටීන් පෙප්ටයිඩවල පිළිවෙලින් අඩංගු වන්නේ නයිටි්‍රජන් සියයට 10ක් හා 15ක්ය

උපුටා ගැනීම අද පුවත්පත