එක් සමාගමකට පමණක් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීමට හැකි පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙන්ඩර කැදවා ඇති බවත්, ආණ්ඩුව කඩා වැටීමට පෙර ඡන්දයට උදව් කළ ගජ මිතුරන්ට හම්බකරගැනීමේ අවස්ථාව ආණ්ඩුව ලබාදී ඇත්දැයි ප‍්‍රශ්ණ කරන බවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

ඇන්ටිජන් ජාවාරම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම හා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් ගොස් සුදු හුණු ගෑම අතර පැහැදිළි සම්බන්ධයක් ඇතැයි පෙනී යන බවද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

එක් සමාගමකට පමණක් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීමට හැකි පරිදි ටෙන්ඩර පත‍්‍රිකාවක්ද මේ වන විට නිකුත් කර ඇති බව අනාවරණය කළ මන්ත‍්‍රීවරයා ආණ්ඩුව කඩා වැටීම පෙර ඡුන්දයට උදව් කළ අයට මුදල් හම්බකරගැනීමට අවස්ථාව ලබාදී ඇත්දැයි ප‍්‍රශ්ණ කළේය.

මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබාදෙමින් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.

ජාතික ඖෂධ නියාමන ජාතික අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම, මකා දැමීම සම්නබ්ධයෙන් වන පරීක්ෂණ යන අතරවාරයේදී මන්ත‍්‍රීවරු කණ්ඩායමක් රහස් පොලිස් කණ්ඩායමක් වගේ ගියා. මේ තොරතුරු මැකී ගොස් ඇතත් හානියක් වී නොමැති බවත් ඔවුන් කියනවා.

කොවිඩ් සමයේදී ෆයිල් විදියට මේ තොරතුරු ලබාගෙන ඇති බව ඔවුන් කිව්වා. ඒත් ඇන්ටිජන් කට්ටල ගෙන්වීම සදහා ඔන්ලයින් ක‍්‍රමයට ටෙන්ඩර් කැදවා තිබෙන බව අපි පාර්ලිමේන්තුවේදී පැහැදිළිවම කිව්වා. ඔන්ලයින් ක‍්‍රමයට විතරයි ඒ වෙලාවේ ටෙන්ටර ගත්තේ. මේ ඇත්ත කතාව වහලා බොරු කියපු මන්ත‍්‍රීවරු අදටත් ඒ ගැන කිසිවක් නොකියා ඉන්නවා

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අගෝස්තු 28 වැනිදා සිට සාමාන්‍ය ආකාරයට, ඒ කියන්නේ සාමාන්‍ය ෆයිල් එකක් විදියට දත්ත ඉදිරිපත් කරන්න පුුලවුන් කියලා වෙලාවල් ලබාදුන්නා. නැවත වරක් සැප්තැම්බර් 1 වැනිදා කලින් ක‍්‍රලේඛය වෙනස් කරමින් අලුත් චක‍්‍රලේඛයක් නිකුත් කළා.

මන්ත‍්‍රීවරු මීට පස්සේ ගිහින් තමයි මැනුවල් ක‍්‍රමයට අයදුම්පත් භාරගන්නවා කියලා කියනවා. ඒක බොරුනේ. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු බොරු කියන බව අපි ඔප්පු කරලා පෙන්නුවම ඒ අය කට වහගෙන ඉන්නවා. මේ විදියට බොරු කියන්නේ ඇයි? කවුරුන් ආරක්ෂා කරන්නද බොරු කියන්නේ.

මේ දත්ත පද්ධතියේ තියෙන දත්ත මැකී ගියාට පස්සේ අසාධු ලේඛනගතවෙලා ඉන්න සමාගම්වලට මොකද වෙන්නේ. ඒ අයට ඖෂධ ගේන්න අවස්ථාවක් උදාවෙනවාද? එක ආයතනයක් විසින් ලියාපදිංචි කර තිබෙන ඖෂධ තවත් සමාගමකට ගේන්න අවසර ලැබෙනවාද?

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වෙලා නැති, ඒත් සුවිශේෂී අවසරයක් මත ඖෂධ ගෙන්වන අයට ඖෂධ ගෙන්වීමේ අවස්ථාව ලැබෙනවා. මෙසේ සුවිශේෂී අවසරයක් ලැබෙන්නේ කාටද? ජාතික ඖෂධ නියාමන ජාතික අධිකාරියේ ලියපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වීමට හැකි කණ්ඩායමක් අද වන විට නිර්මාණය වෙමින් පවතිනවා. තමන්ගේ චන්දෙට උදව් කරපු අයට, උදව් කරන්න මේ වසංගතය උදව් කරගන්නවා.

මන්ත‍්‍රීවරු ගිහින් සුද්ද කරගන්න හදපු එකේ හොර දැන් එළිවෙනවා. සැප්තැම්බර් 3 වැනිදා නිකුත් කළ ටෙන්ඩර නිවේදනයක් අනුව රැුපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියනයක් මිලදී ගැනීමට උත්සාහ කරනවා. රැුපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියනයක් මිලදී ගැනීමට ටෙන්ඩරය නිකුත් වන විට, අපි අහන්නේ කොපමණ තොගයක් මේ රටේ තියෙනවාද කියලයි. අද වන විට ඇන්ටිජන් කට්ටල කීයක් තමන්ගේ ගබඩාවල තියෙනවාද කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශය සදහන් කළ යුතුයි.

ඇමරිකාවෙන් තෑගි විදියට ලක්ෂ පහක කට්ටල තිබෙනවා. මීට පෙරත් එවැනි කට්ටල මිලදී ගෙන තියෙනවා. දැන් දවසකට ඇන්ටිජන් පරීක්ෂණ පහලොස්දහසක් විතරනේ කරන්නේ. හැබැයි ඇන්ටිජන් තොග අවසන්වීමට පෙර කඩි මුඩියේ ඇන්ටිජන් ගෙන්වීමට ටෙන්ඩර කැදවන්නේ, ආණ්ඩුව වැටෙන්න කලින් ගජ මිතුරන්ට සැලකීමට අවශ්‍ය නිසාද? කලදුටුකල වල ඉස ගැනීමට අවශ්‍ය නිසාද මෙහෙම කරන්නේ?

ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී සාධාරණ ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමේ ගැටලුවක් නැහැ. ඒත් ඇන්ටිජන් කට්ටල මිලියනයක් සදහන් ලක්ෂ එකොලොස් දහස් තුන්සිය තිස් හයක්, ඒ කියන්නේ රුපියල් බිලියන 1.132ක මුදලක් මේ සදහා වෙන් කරනවා.

ඒ කියන්නේ ඇන්ටිජන් කට්ටලයක් සදහා වෙන් කරන මුල රුපියල් 1132ක්. මේ මුදලට ඇන්ටිජන් කට්ටලයක් ගෙන්වන්නේ එක සමාගමක්. තමන්ට ගෙන්වීමට අවශ්‍ය සමාගම විසින් සපයන මිලට අදාල මුදලක් මේ සදහා ආණ්ඩුව විසින් වෙන් කර තිබෙනවා.

මේ ටෙන්ටර පත‍්‍රිකාව හදලා තියෙන්නේ එක් කණ්ඩායමකට පමණක් ටෙන්ඩර ඉදිරිපත් කළ හැකි ආකාරයටයි. එක් පෙට්ටියක අසුරන්න පුලුවන් සංඛ්‍යාව, එක පරීක්ෂණ උපකරණයක දිග පළල තමයි මෙහි සදහන් කර තිබෙන්නේ. එසේ නොමැතිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ආදිය ගැන නොවෙයි අවධානය යොමු කර තිබෙන්නේ.

ඒ කියන්නේ මෙතෙක් කල් ඇන්ටිජන් කට්ටල සපයන ලද එක් පුද්ගලයෙක්ගේ කට්ටලය මිලදී ගැනීම සදහා ඒ අයගේ මිලදී ගැනීම් සදහා පමණක් වන ටෙන්ඩරයක් තමයි මේ ඉදිරිපත් කර තිබෙන්නේ.

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක් රුපියල් හත්සියයට විතර මිලදී ගන්න පුලුවන්. ඒ වගේම තමයි පී.සී.ආර්. පරීක්ෂණ කට්ටලයක් ආණ්ඩුව මිලදී ගන්නේ රුපියල් හත්සීයක, අටසීයක මිලකට. පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා කට්ටලයක් රුපියල් 700ට ගැනීමට හැකියාව තිබියදී ඇන්ටිජන් කට්ටලයක් සදහා රුපියල් එක්දහස් එකසියයක් වියදම් කරනවා. ඇයි ඒ?

බලපිටිය රෝහලේ මෘත ශරීරයකට මුලින් ඇන්ටිජන් පරීක්ෂාවක් කරනවා. ඒක නෙගටිව් නම් පී.සී.ආර්. එකක් කරනවා. මරණවලට දෙකක් කරන්නේ නැතිව පී.සී.ආර්. එකක් විතරක් කළානම් හරිනේ. ඇයි මේ දෙකක් කරන්නේ.

හැම අයෙක්ගේම මුලින් ඇන්ටිජන් එකක් කරනවා. ඒක නෙගටිව් නම් නැවත වරක් පී.සී.ආර්. එකක් කරනවා. කාට හම්බකරගන්නද මේ සැලසුම් කරමින් සිටින්නේ.

කණ්ඩායමකට හම්බකරගැනීමට අවස්ථාව ලබාදීම, ජාතික ඖෂධ නියාමන ජාතික අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම, සහ මන්ත‍්‍රීවරු කණ්ඩායමක් ගොස් ඒක සුද්ද කිරීම අතර ඉතාමත් හොද සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා.