ලංකා සතොස ඕනෑම ශාඛාවකින් පුද්ගලයකුට එක් වරකට සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් පවසනවා.

නව උපරිම සිල්ලර මිල වන දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට ද, සුදු සීනි කිලෝවක් රුපියල් 122 කට ද, මිලදී ගත හැකි බවත් සතොස සතුව අවශ්‍ය තරම් සීනි තොග තිබෙන බවත් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සඳහන් කළා.

සතොසෙන් එකවරකට මිලදී ගත හැකි සීනි ප්‍රමාණය මීට පෙර කිලෝවකට සීමාකර තිබුණා.