නවසීලන්තයේ දී සාමාන්‍ය ජනතාවට ප්‍රහාර එල්ල කළ ලාංකිකයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අහමඩ් අදිල් මොහොමඩ් සම්සුදීන් නම් වන ඔහු කාන්තන්කුඩි ප්‍රදේශයේ කලක් පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ.

තිස් දෙහැවිරිදි ඔහු නවසීලන්තයේ දී එල්ල කළ ප්‍රහාරයෙන් හය දෙනෙක් තුවාල ලැබූ අතර තිදෙනෙක්ගේ තත්ත්වය බරපතල වනවා.

නවසීලන්ත ආරක්ෂක අංශ විසින් මෙම ප්‍රහාරකයාට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.